
By - T. M. ජයරත්න
ගායනය – ටී. එම්. ජයරත්න
ගී පද – ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය – ක්ලැරන්ස් විජේවර්ධන
Lyrics
දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ //
..
මේ ගඟ ගලා ගියේ අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා ආදර ඒ ගඟ නෑ අද නෑ
දෙගොඩ තලා ගඟ ගලා….
මේ ඔරු කඳේ නැගී බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ බාධක මේ ගඟ තාම ගලයි
දෙගොඩ තලා ගඟ ගලා…. //
Degoda Thala Ganga Gala gaga – T. M. Jayarathna, Lyrics – Ajantha Ranasingha, Music – Clarance Wijewardana

By - T. M. ජයරත්න
Lyrics
දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන්
පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන්
…
සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන් ටැඹක් වී හිඳින් අපේ හද තුලින්
තුටක් කිම කියා නොදත් අය ඈතින් සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින්
දරා දිරි වඩා පුරා දස පෙරුම්…
හඬන්නට එපා හෙලා දුක් සුසුම් සෙමින් පිබිද එන් සඳක් සේ රැයින්
දුකින් ලද ජයයි සදාකල් උතුම් මඩෙන්මයිලු ඒ පිපෙන්නේ නෙලුම්
දරා දිරි වඩා පුරා දස පෙරුම්…
Dara diri wada – T.M.Jayarathna

By - T. M. ජයරත්න
Lyrics
අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත් හිඳින් දඟකාරියේ එදා වාගේ අදත්
…
සිහින් සිරිපොද වැස්ස වැටෙන තැන රෑ සඳූ පහන් තාරකාවන් පිපී එනතුරු
රැයේ පෙර වගේ – හිනැහෙන්න ලංවෙන්න සොඳුරු දඟකාරියේ
සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ හොරෙන් වාගේ ඇවිත් හිනාවී
හැංගිලා කෙලි දෙලෙන් – ඒ දවස අමතකද කියන් දඟකාරියේ
අකීකරු හිනාවෙන් ….
Akeekaru hinawen – T.M.Jayarathna

By - T. M. ජයරත්න
Lyrics
චන්ඩිකමට රන්ඩුවක් වෙලා පුංචි පුතා ඉන්නෙ හැංගිලා//
…
අයියට ගහලා – නංගිව විකලා යාළුවො ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ පුංචි පුතා දැන් තනිවෙනවා
චන්ඩිකමට රන්ඩුවක් වෙලා…
අයියයි නංගියි – යාළුවො ගොන්නයි සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම් – නේ හොඳ වෙන්නේ පුංචි ළමයි වස නෑ පැටියෝ
චන්ඩිකමට රන්ඩුවක් වෙලා…
Chandikamata – T.M.Jayarathna