
මා දැන් මහලු වියේ
By - ඩබ්. ඩී. අමරදේව
—
මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා
මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ
පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩියි
සිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි මට හොඳහැටි මතකයි
මීවිතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා මා ආපසු යනවා
කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්න ද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ //
Ma Dan Mahalu Wiye Lyrics – W. D. Amaradewa
Similar Tracks
එක යායට
සනත් නන්දසිරි
බොරළු ඇනෙන
දීපිකා ප්රියදර්ශනී
මලට රේණු සේ
නන්දා මාලනී
යට ලීයෙන් නාරිලතා
එඩ්වඩ් ජයකොඩි
අහස නුඹ මෙතරම්
දීපිකා ප්රියදර්ශනී
මතකය ඇසුරින් (අම්මා)
ඉන්ද්රානි පෙරේරා
රාත්රිය වී නිහඩව නිසලව ඉන්නම්
දීපිකා ප්රියදර්ශනී
ආරාධනා
ඩබ්. ඩී. අමරදේව
කුළ ගෙදරට
ඩබ්. ඩී. අමරදේව
සීතල සඳ එළියේ
ගුණදාස කපුගේ
හිදීවී කොතැනක හෝ
සුනිල් එදිරිසිංහ