languages languagesicone
site loader
site loader
Song image
මගේ හිත වෙනතක

By - ඉන්ද්‍රානි පෙරේරා

Lyrics
මගේ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං

ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ ඇයි නිහඬව ඉන්නේ

මගේ හිත වෙනතක යාවී ඇති බව…

මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී

දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද දැන්වත් හිනැහෙන්නේ
මගේ හිත වෙනතක යාවී ඇති බව…
Mage hitha wenathaka – Darunuda otharam – Indrani Perera

More
Song image
දිල්හානී දුවනී

By - ඉන්ද්‍රානි පෙරේරා

Lyrics
දිල්හානී දුවනී, නාඬා නිදියන්නේ, නිවසට සුරතල්, ආලෝකය දී, නාඬා නිදියන්නේ
දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී සුරතල් දිල්හානී

රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා සිපගන්නට සිතුනා
දිල්හානී දුවනී….
Dilhani Duwani dhuvani – Indrani Perera

More
Song image
ආදරේ කියන්න

By - ඉන්ද්‍රානි පෙරේරා

Lyrics
ආදරේ කියන්න දන්නේ නැහැ ආදරේ කරන්න දන්නේ නැහැ ඈත මෑත දෝ යොවුන් හදේද දන්නේ නෑ කවුද මේක මැව්වේ දන්නේ නැහැ //
සිනිදු මල් වලින් පෙනෙන්නේ නැහැ මුහුදු රැල්ලකින් දැනෙන්නේ නැහැ පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නේ නෑ පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නේ නෑ
ආදරේ කියන්න ….
නිල් වනාතයෙන් පෙනෙන්නේ නෑ තාරකා තුලින් දිළෙන්නේ නෑ සීත රෑ සුළන් තුලින් නෑ පෙනෙන්නේ නෑ කවුද මේක මැව්වේ දන්නේ නැහැ, සීත රෑ සුළන් තුලින් නෑ පෙනෙන්නේ නෑ කවුද මේක මැව්වේ දන්නේ නැහැ
ආදරේ කියන්න ….
Adare Kiyanna Danne Naha – Indrani Perera

More
Song image
මතකය ඇසුරින් (අම්මා)

By - ඉන්ද්‍රානි පෙරේරා

Lyrics
මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි
අම්මා…
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත ඒ ඔබ බව දනිමි

ඉස්සර දවසක උදෑසනක ඔබ මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී
අම්මා…
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි //
Mathakaya Asurin Amma Mom – Indrani Perera

More