
By - ඉන්ද්රානි පෙරේරා
Lyrics
ජැන්ඩි පහට ඇඳලා අනංගයා වාගේ ඔබ යන හැටි දැකලා සිත බැදුණා මාගේ
ඇයි දැන් නොබලන්නේ ඔබ ඉස්සර වාගේ වරදක් නැහැ මාගේ තරහක් නැහැ මාගේ
ඔබ තරම් ආඩම්බර ඇයිදෝ ඉවත බලන්නේ තරහයිදෝ
හිනාවෙලා බලන්නකෝ ආදරේ යැයි කියන්නකෝ
ජැන්ඩි පහට ඇඳලා….
මතක් වෙලා එන බව දනිමි එදා මමත් ඔබ මග හරිමි
මුසා අසා රැවටිලා යන්න එපා පිටුපාලා
ජැන්ඩි පහට ඇඳලා….
Jandi Pahata Adala 5 – Indrani Perera

By - ඉන්ද්රානි පෙරේරා
Lyrics
හා හා හොරේ දැනුනා.. දැනුනා.. මට නාවේ මොකෝ කියලා මා හා ඔබේ තරහක් තිබුනා නම් නොකීවේ මොකෝ සිතුනා //
පහල ඇලේ දිය බුබුලේ අමුතු සීතලක් දැනුනා දෙවට දිගේ එන අතරේ ඔබ හමුවේයයි සිතුනා //
හා හා හොරේ දැනුනා …
ලිහිණි ගිරාකැල වනමැද්දේ ගීහඬ මට ඇසුනා අවරගිරේ හිරු බැස යද්දී පාළුව මට දැනුනා //
හා හා හොරේ දැනුනා …
Ha Ha Hore Danuna – Indrani Perera

By - ඉන්ද්රානි පෙරේරා
Lyrics
නෙත් යුග රන් තරු යුවළ තමයි තොල් පෙති නා දළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි,ඔබ සොයනා කළු කෙල්ල මමයි//
…
අඳුරින් බර වැලි කතරේ පවා ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා,දිය දහරක් වෙමි පවස නිවා//
නෙත් යුග රන් තරු යුවළ තමයි…
රළ ලෙස ජීවන දිය දහරේ අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගති ගුණ අතනෑරේ,දුක හෝ සැප විඳගමු මිහිරේ//
නෙත් යුග රන් තරු යුවළ තමයි…
Kalu kella mamai – Indrani Perera

By - ඉන්ද්රානි පෙරේරා
Lyrics
කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා//
…
විසිතුරු දේදුනු පායනවා යලි නොපෙනී යනවා //
හිනැහෙනවා ලං වෙනවා හිනැහෙනවා ලං වෙනවා
යලි අප වෙන් වෙනවා
කව්දෝ කව්දෝ මා සෙව්වේ…
මා කිසිවෙකු හා තරහා නැතේ කිසිදින හඩා නැතේ//
බහ දීලා එක් වීලා බහ දීලා එක් වීලා
සැනසුම ලැබෙනු නැතේ
කව්දෝ කව්දෝ මා සෙව්වේ…
Kawdo kawdo ma sewwe sevve – Indrani Perera