
By - T. M. ජයරත්න
Lyrics
අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා අප තනි වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවා//
…
ලොව මල් පිබිදෙන්නේ යලි පරවෙන්නට නම්
අප හදවත් එක් වන්නෙත් වෙන්වන්නට නම්
යලි වෙන්වන්නට නම්
අප හමු වූවත් නොවුනත්…
පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යලි සැනෙකින් වෙන්වීයයි නම්
අප යලි තනිවෙයි නම්
අප හමු වූවත් නොවුනත්…
Apa hamu uwath – T.M.Jayarathna

By - T. M. ජයරත්න
Lyrics
ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ ආයාචනා, ඈ නීල නෙතු සලා
…
පාවී ගියා ඒ වේදනා දෑසේ මවා මේ චේතනා ආරාධනා //
ඈ නීල නෙතු සලා…
පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ ඒ ගීතිකා ආරාධනා //
ඈ නීල නෙතු සලා…
A Neela Nethu Sala nila – T.M.Jayarathna

By - T. M. ජයරත්න
Lyrics
දුකේදී හැඬුමට සැපේදී , සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා… සොදුරියෙ නුඹයි ඒ අම්මා…
..
අහස මෙන් ලත් චෝදනා පොළව මෙන් දුක් උහුලනා //
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා
දුකේදී හැඬුමට සැපේදී…
සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා //
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ
දුකේදී හැඬුමට සැපේදී…
Dukedi Hadumata Sapedi – T. M. Jayarathna

By - T. M. ජයරත්න
Lyrics
අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ … මතකද තෙමුනා දෙන්නා… සීතල වැහි පොදේ…//
කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කලේ
වැස්ස ඇවිත් වන යායම සීතවූ සඳේ
මුවා වෙන්න ගස් තිබුනත් තෙමුනා වැහි පොදේ….
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ…
අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැහිපොදේ
මගේ හිතේ මතක සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන ගිනිදළුවක් එතේ…
මේ වැහිදා අප දෙතැනක එකම වැස්ස වැටේ…
අදත් වැස්ස වහින සඳේ …
Adath Wassa Wahina Sande – T. M. Jayarathna