
සුලගක් වී
By - එඩ්වඩ් ජයකොඩි
Lyrics
සුලගක් වී මා යනවා දුර අහසේ ඇවිදින්නට අප්පච්චි කොහොමද මං අල්ලන්නේ
අහසක් සේ දූ යන මග පුළුන් වලා අතුරනවා එහෙමයි මගෙ දෝණි මං අල්ලන්නේ පණ වගේ මගෙ දූ මං රැක ගන්නේ
….
මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා ලොකු ගස් වැල් කඳුවැටි හෙම උඳුරා දමනවා අප්පච්චි කොහොමද මං වලකන්නේ
මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා ආදරයෙන් මග බලනවා තුරුලට ගෙන සනසවනවා මං ලග නොවැ දූ සැමදා සැනසෙන්නේ
මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් හඩනවා තුරුළට අරගෙන හිටියත් නැලවෙන්නැතුවම ඉන්නවා අප්පච්චි කොහොමද මං නලවන්නේ
දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬේනවා දූගේ කඳුළු මං දන්නවා දූ නැළවෙනකන් හඬනවා මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ
සුලගක් වී …..
Sulagak Wi Wee Man Yanawa – Edward Jayakody
Similar Tracks
රන් සමනළියක්
දීපිකා ප්රියදර්ශනී
අඩන්නේ ඇයි
එච්.ආර්. ජෝතිපාල
රහසේ හඩනා
ක්ලැරන්ස් විජේවර්ධන
දෑස නිළුපුල්
ගුණදාස කපුගේ
මග තොට දී
මිල්ටන් මල්ලවාරච්චි
ඔබයි මමයි
මිල්ටන් මල්ලවාරච්චි
අවපස අහසක
සුනිල් එදිරිසිංහ
සඳ එක් දිනක්
ක්ලැරන්ස් විජේවර්ධන
හමුවී මා එදා
ආත්මා ලියනගේ