languages languagesicone
site loader
site loader
Song image

ලුණු දෙහි

By - Gypsies


අපි දෙන්නා එක්වීලා පණ වාගේ ලොවේ ඉන්නේ
හැඩ පෙන්නා හිනැහීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ //
රජ ගෙයටයි පැල්පතටයි එක වාගේ සලකන්නේ
පෙර කල සිට පැවැතෙන්නේ ගජ යාලුවෝ අපි දෙන්නා
අපි දෙන්නා එක්වීලා ….
සුදු හාලේ බත් වේලේ සම්බෝලේ රස දුන්නේ
මුළු ලෝකෙම හඳුනන්නේ ලුණු හා දෙහි අපි දෙන්නා
අපි දෙන්නා එක්වීලා ….
හැමතැන හැමවිට එකවගේ ගැලපෙන
කට දිව පිනවන රස ගුණ ගෙනදෙන, ලුණු-දෙහි, ලුණු-දෙහි
කවදත් කොතැනත් කාගෙත් සිත් ගත්
ජනහද ජයගත් කෑමකි රසවත්, ලුණු-දෙහි, ලුණු-දෙහි
ර්රම්පිට-රම්ප-රම්පාම්ප-රපපම්, රපපම්-රම්-රපම්පාම්ප-රපපම්
ලුණු-දෙහි, ලුණු-දෙහි ///
අපි දෙන්නා එක්වීලා ….
මගුල් ගේට, දාන ගේට, සාදයකට, උත්සවයට
අතන, මෙතන, කොතන උනත් නියම-නියම-නියම රසක්, ලුණු-දෙහි, ලුණු-දෙහි
අදට, හෙටට හැම කෙනෙකුට පට-පට ගා රස දෙන්නට
යන-යන තැන ගෙනියන්නට නියම-නියම-නියම රස
ලුණු-දෙහි, ලුණු-දෙහි ////
Lunu Dehi (Api denna Eka Wila) Lyrics – Gypsies

More

Similar Tracks

කොයි යන්නේ

එච්.ආර්. ජෝතිපාල

මේ ප්‍රේමය

දීපිකා ප්‍රියදර්ශනී

ලස්සනයි බලන්න

එච්.ආර්. ජෝතිපාල

පුංචි කාලේ

මිල්ටන් මල්ලවාරච්චි

ජැන්ඩි පහට

ඉන්ද්‍රානි පෙරේරා

දුව මා වගේ

ක්ලැරන්ස් විජේවර්ධන

විකසිත හසරැලි

දීපිකා ප්‍රියදර්ශනී

සැන්දෑ වළාවන්

ක්ලැරන්ස් විජේවර්ධන

මල් කැකුලි කෝමලී

එච්.ආර්. ජෝතිපාල

මායාවී

ප්‍රදීප් රංගන