languages languagesicone
site loader
site loader
Song image

පුංචි සිනා කොයිදෝ

By - මිල්ටන් මල්ලවාරච්චි

Lyrics
පුංචි කථා කොයිදෝ පුංචි සිනා කොයිදෝ පුංචි මුණ දුකින් රතු වෙලා හැංගි හොරා ඇයිදෝ සන්ඩු වෙලා කව්දෝ පුංචි ටිකිරි දු තරහ වෙලා //
රංචු රංචු සමනළයෝ …. රංචු රංචු සමනළයෝ පිච්ච වැලට ඒවි පුංචි යාළුවා කොයිදෝ යැයි විමසාවි දෝණි ඔහොම හිටියෝතින් උන් ආපහු යාවි..
පුංචි කථා කොයිදෝ …..
සින්දු කියන බට්ටිත්තෝ…. සින්දු කියන බට්ටිත්තෝ ලන්ද ලගට ඒවි පුංචි පුංචි ඇස් දල්වා උන් දෝ විමසාවි තරහ වීලා හිටියෝත් මෙහෙ නැවීදින්ම යාවී
පුංචි කථා කොයිදෝ …..//
Punchi Katha Koido , Punchi Sina Koido – Milton Mallawarachchi

More

Similar Tracks