
ඩැෆොඩිල් මල
By - දයාන් විතාරණ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ //
දුර ඈත ගං තෙරේ.. සැඩ සීත මාරුතේ
වෙලී ගත ඈ .. දැත ගෙන මා
හීන් වැහි කෝඩයේ .. මුව කමල ආදරෙන්
සිප ගතිමි සීරුවෙන් .. හැඟුම් සොඳුරුයී
රැඳුන නෙතඟේ .. එවන් සැන්දැ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ //
විලෝතුරු මං පෙතේ .. සඳ උවන පිපි රැයේ
කෝල ලෙස ඈ .. දෑස සැලුවේ
දෑල වැල් පාලමේ .. හද විලම ආදරෙන්
සසල විය මුදු සරින් .. හැඟුම් සොඳුරුයි
රැඳුන මතකේ .. එවන් සැන්දෑ කලේ
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ
මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ //
– Dafodil Male –
Similar Tracks
කොබෙයියනේ
දීපිකා ප්රියදර්ශනී
පිසදාලා
Bachi Susan
ආදර මල් පවනේ
එච්.ආර්. ජෝතිපාල
රෝස කුසුමක් පිපී
සුනිල් එදිරිසිංහ
දුහුල් මීදුමේ
එච්.ආර්. ජෝතිපාල
ඔබ කරනා විට ආලේ
6th Lane
දිනෙක රන් සළු
මිල්ටන් මල්ලවාරච්චි
වීණා
මිල්ටන් මල්ලවාරච්චි
රන් දුණුකේ මල සේ
ක්ලැරන්ස් විජේවර්ධන
කෑ ගසා පවසාවී
දීපිකා ප්රියදර්ශනී
පලංචියේ
සුනිල් එදිරිසිංහ
පාවී ඇදී එන්න
මිල්ටන් මල්ලවාරච්චි