languages languagesicone
site loader
site loader

අළුතින් ඉදිවන පාරේ නොදුටු පැත්ත

මේ ගීතයේ කථා වස්තුව අලුතින් තැනෙන පාරක් ගැන.

ඒ නිසයි ගීතය මේ විදිහට පටන් ගන්නේ “ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අළුත් පාර හැදෙනවා”
නමුත් අලුත් පාරක් ගැනම නෙමෙයි මේ ගීතය, මේ ඒ පිටුපස ඇති කථාවයි


මොකද මේ ගීතයේ ඊලග පද පේළි තියෙන්නේ මෙහෙමයි “හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා පොළොව දැවී අපේ පයට සිහිල සදනවා, දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා
සාමාන්‍යයෙන් හිරු පායා සෙවණ ගෙනෙන්නේ නැහැ, රත්වුණු පොළවට අඩිය තිබ්බම අපේ කකුලට සිසිල ගෙනෙන්නේ නැහැ. නමුත් මෙහි කියන්නේ එයයි. ඔව් මේ කථා කරන්නේ මේ අළුත් පාර හදන කම්කරුවන් ගැනයි.

ඒ නිසයි එහි “දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා” කියන්නේ. අත්දෙකේ කරගැට මේ කම්කරුවන්ගේ කුස පුරවනවා.


මේ අළුත් පාර හදද්දී වෙන තව දෙයක් මෙහි අවසන් පද පේළියේ මෙහෙම කියනවා “අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නම් පාරෙන් කඩුළු ඇරෙනවා පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා”
පාර හදද්දී මුලින් කළුගල් බිම අතුරනවා ඊට පස්සේ තාර දානවා, මේ ඒ කම්කරුවන්ගේ ශ්‍රමය සහ දහඩියයි. හැබැයි මේ පාර ඇරෙන්නේ මේ පාර හදන්න දහඩිය හෙළපු අය නෙමෙයි ‘මැති උතුමන්’ විසින්. ඒ විතරක් නෙමේ ඒ අයගේ නම් පවා මේ පාරට දානවා. නමුත් මේ කම්කරුවන් ඒකට විරුද්ධ නැහැ. මොකද ඒ අය හැමදාමත් වගේ “පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා”

මේ ගීතය ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා. පදපේලි සමග මේ ගීතය අහන්න

නිසලවම හිඳිනා අප්පච්චි

මේ ගීතය පටන් ගන්නේ මෙහෙමයි “සියක් උල්පත් මවා දී නිසලවම හිඳිනා නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චී” දරුවන් වෙනුවෙන් අවශ්‍ය හැම දෙයක්ම ලබා දෙන නමුත් නිසල චරිතයක් වුන අප්පච්චි හරියට මහ කන්දක් වගේ, ඔව් නමක් නැති මහ කන්දක් වගේ.


ඊළගට මේ ගීතයේ පද පේළි තියෙන්නේ මෙහෙමයි “ඔබෙන් දිය ලැබ සාර වූ තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී නිසලවම හිඳිනා අප්පච්චී”
, තම වෙහෙසෙන් දියුණු වූ තරුණ දරුවන් දෙස බලා අසීමිත සතුටක් ලැබුවත් එය ලෝකයට නොපෙන්වන අප්පච්චි ………

“මෙහෙවරට ආ වැයි සිතා වෙහෙස නොබලා වෙහෙසෙනා තෙත් ගුණය මෙත් ගුණය සඟවා අකම්පිත වත පා අප්පච්චී” තමන්ගේ දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන එක තමන්ගේ ප්‍රධාන කාර්යය කියල හිතන ගොඩක් හැගීම්බර නැති හැම දෙයක්ම හදවතේ සඟවාගෙන නොසැලී හිදිනා අප්පච්චි …….

මේ හැගීම්බර ගීතය ගායනා කරන්නේ කසුන් කල්හාර මහතා. එය පදපේලි සමග අහන්න.

අම්මා එනතුරු තාත්තගේ බලාපොරොත්තුව

ගොඩක්වෙලාවට ගෙදර දරුවන් බලාගන්නේ අම්මා. හැබැයි මේ සිංදුව පටන්ගද්දී කියන පද පේළි වලින් පෙනෙන්න්නේ ඒකේ අනිත් පැත්ත

මොකද ගල්මෝලක වැඩ කරන අම්මා එනකං බලාගෙන ඉන්න තාත්ත කෙනෙක් සහ දුවක් ගැන මේ විදිහට පද රචකයා ලියලා තියෙනවා

“කළුගල් මෝලේ සංගුව හැඩුවා උබටත් ඇහුණද පුංචි දුවේ මෙහෙය නිමා වී අම්මා එනතුරු නාඩා නැළවෙන්නේ”

පෙනෙන විදිහට තාත්තා දුවව නලව ගන්න උත්සාහ කරනවා.
ඇයි මේ පවුලේ අම්මා වැඩට යන්නේ …..හේතුව ඊලග පද පේළියේ මෙහෙම කියනවා
“දෑස අඳ මටයි පොඩි දුටයි”

ඔව් තාත්තා, අන්ධ කෙනෙක්.

ඒ නිසයි මේ ගීතය පටන් ගද්දි කළුගල් මෝලේ සංගුව ගැන කථා කරන්නේ, සංගුව නැත්නම් බෙල් එක ගහද්දි තාත්තා දන්නවා තව ටිකකින් අම්මා එන්න ඕනා කියලා.

ඒ නිසයි මේ ගීතය පටන් ගද්දි කළුගල් මෝලේ සංගුව ගැන කථා කරන්නේ, සංගුව නැත්නම් බෙල් එක ගහද්දි තාත්තා දන්නවා තව ටිකකින් අම්මා එන්න ඕනා කියලා.

තාත්තා දුවට කියන්නේ “ජීවිතයත් සෙනෙහසත් අරන් ඒ රුව තව ටිකකින් මතු වේවි” ඔව්, මේ පවුලේ ජීවිතයත් සෙනෙහසත් තියෙන්නේ අම්මා ගාව. ඒ අම්මා එනකං අඩන්නේ නැතුව ඉන්න කියල දෝනිට තාත්තා කියනවා.

තමුන්ගේ මේ ආදරණිය බිරිදට මේ අන්ධ තාත්තා කොච්චර ආදරේද කියනවා නම් අවසන් පද පේළිය මෙහෙම කියනවා “ඇගේ විඩාබර වතේ වේදනා මැකී යන්න අප දුටු සැණිනේ මටත් ඇහෙන්නට මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන්”
මුළු දවසම මහන්සිවෙලා කළු ගල් මෝලේ වැඩ කරන අම්මගේ විඩාව නිවන්න දුවට පුළුවන්. කොහොමද?

“මිහිරි දසන් පා පුංචි දුවේ හිනැහෙන්”

ගොඩක් දේවල් නැති මේ පවුලේ ආදරය සෙනෙහස…….. ඒ ගැන ඔබම හිතන්න

මේ ගීතය “කළුගල් මෝලේ සංගුව හැඩුවා” ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා විසින්

සිංදුව අහන ගමන් කියවන්න